Kiyambu Lathawe – Dimanka Wellalage

 

 

Title : Kiyambu Lathawe

Artist : Dimanka Wellalage
Lyrics : Kelum Srimal
Melody & Music : Sadeeptha Gunawardana
Mix & Mastered : Pasan Liyanage

 

Dimanka Wellalage - Kiyambu lathawe (කියඹුලතාවේ) Official Music Video

 

Lyrics Kiyambu Lathawe : 

 

කියඹු ලතාවේ… නටන ඔලිඳ ලතාවේ…
හැඩට මුලා වී දපනෙ වැටුනේ මම නේ…
අනඟ සිනා පා නෙතඟ කියන කතාවේ…
රහට මුලා වී… කඩං වැටුනේ මමනේ…

කමක් නෑ සැපයි ඔබෙ දැකුම පවා දැන්
නරිලතාවේ මට නම්
කියඹු ලතාවේ… නටන ඔලිඳ ලතාවේ…
හැඩට මුලා වී දපනෙ වැටුනේ මම නේ…

රෑ නිදි යහනේ එදිනම මා
පෙම් මදිරා මතින් මත් වී ගියා…
සිතඟි බඳුන බිඳුනා… පපුවෙ පුලිඟු දැව්නා…
මෙමට ඔබම ඔබිනා බව සුලඟ පවා කිව්වා…

නලඟනකට මා වසඟ වෙලා
පියඹා ආ සිත තෙත් වී ගියා

බඹර විසේ සිඳුනා පෙමක ගැඹුර දැනුනා
ඔබම මගේ කුලඟන වී සසර පුරා බැඳුනා…
කියඹු ලතාවේ… නටන ඔලිඳ ලතාවේ…
හැඩට මුලා වී දපනෙ වැටුනේ මම නේ…
අනඟ සිනා පා නෙතඟ කියන කතාවේ…
රහට මුලා වී… කඩං වැටුනේ මමනේ…

කමක් නෑ සැපයි ඔබෙ දැකුම පවා දැන්
නරිලතාවේ මට නම්
කියඹු ලතාවේ… නටන ඔලිඳ ලතාවේ…
හැඩට මුලා වී දපනෙ වැටුනේ මම නේ…